22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අගමැති පෙර දැනුම් දීමකින් තොරව මන්දාරම් නුවර යයි

  • අගමැති පෙර දැනුම් දීමකින් තොරව මන්දාරම් නුවර යයි *
  • සංස්කෘතිය ආරක්ෂා කරමින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්නැයි ජනතාව ඉල්ලයි *

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (2024.01.15) දින මන්දාරම්නුවර ජනතාව පෙර දැනුම්දීමකින් තොරව මුණගැසිණි. ප්‍රදේශයට බලපාන කරුණු, යටිතල පහසුකම් හා සංචාරක ව්‍යාපාරය පිළිබඳව ඔවුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා සමග බොහෝ අදහස් හුවමාරු කරගත්තේය.

එළවළු වර්ග ඇතුළු අස්වැන්න කල් ඉකුත් නොවී, ප්‍රධාන වෙළඳපොළට ගෙනයාමට ආර්ථික මධ්‍යස්ථානයක අවශ්‍යතාවය ඔවුන් දැඩිව පෙන්වා දුන්නේය. දරුවන්ට හා තරුණයන්ට ක්‍රීඩා කිරීමට ක්‍රීඩා පිටියක්, පානීය ජල හා මාර්ග පහසුකම් ඇතුළු යටිතල පහසුකම් රැසක අඩුපාඩුව ඔවුන් පෙන්වා දුන්නේය.

ලංකාවේ සුන්දරම සුවිශේෂි කඳු ප්‍රදේශය ආරක්ෂා කොට රටට සහ ලොවට දකින්නට සහ විඳින්නට ඔවුන් කටයුතු කරන බැවින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී ජන අනන්‍යතාවය, සංස්කෘතිය, සම්ප්‍රදායික තත්ත්වයන් නොවෙනස්ව, විශේෂයෙන් මතින් තොරව සංචාරක ව්‍යාපාරය තම ප්‍රදේශය තුල සංවර්ධනය විය යුතු බව ඔවුන් පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා ද එක්විය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz