22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ත්‍රිකුණාමලය වෙරලට විදේශිය කසල ගොඩගැසේ

( Suratha news reporter arm.saheeeth )

ත්‍රිකුණාමලය වෙරලට මේ දිනවල විශාල වශයෙන් කසල ගොඩගැසෙන අතර ඒවා බොහෝමයක් විදේශ රටවලින් පැමිණ ඇති බවට හදුනාගෙන ඇති බව ත්‍රිකුණාමලය පාරිසරික සමුද්‍රීය අධිකාරිය සඳහන් කලේය.

මෙසේ ගොඩ ගැසෙන කසල ඉවත් කිරීමේ කටයුතු මේ දිනවල ත්‍රිකුණාමලය නගර සභාව විසින් නාවික හමුදාව සහ වෙනත් ස්වේච්ඡා සංවිධාන සම්බන්ධ කර ගනිමින් සිදුකෙරෙන අතර ඒ සඳහා ට්‍රැක්ටර් සහ බැකෝ යන්ත්‍රද යොදාගැණීමට සිදුව ඇත. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සමුද්‍රීය පරිසර නිලධාරී ඒ ආර් එච් මොහීන් සඳහන් කලේ මෙසේ වාරකන් කාලයට මුහුද යටින් දිවෙන දියවැල් නිසා ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව ආදී රටවල සිට එහි කසල ලංකා වෙරල තීරයට ගොඩ ගැසීම ඉකුත් වසරවල දී ද සිදුව ඇති බවත් ඒවා අතර ඇති ප්ලාස්ටික් බෝතල්වල ලේබල්වලින් එම රටවල කසල බවට හඳුනාගත් බවත් ය. නැගෙනහිර සහ උතුරු වෙරල තීරයට ඒවා මෙසේ එකතුවන බව ද සඳහන් කල ඒ මහතා පැවසුවේ ලංකාවේ ජනතාවද මුහුද ඉවත් කරන කසල ද මෙසේ ගොඩ ගසන බවයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛදච්‍ය නිලධාරී කේ විජේකුමාර් සඳහන් කලේ වෙරලට රැස්වන කසල අතර ඇති ප්ලාස්ටික් බෝතල් සහ භාජන හේතුවෙන් මුදුරු උවදුරු ව්‍යාප්ත වී නොයෙක් වසංගත රෝග පැතිරීමේ අවධානමක් ඇති නිසා ත්‍රිකුණාමලය දිසාපතිවරයා ද සමග ගොස් එම ස්ථාන නිරීක්ෂණය කර එම කසල ඉවත් කිරීමට කටයුතු කරමින් පවතින බවත් . ඒ සඳහා විශාල වියදමක දැරීමට නගර සභාවට සිදු ඇති බවයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz