නාලන්දා 87 කණ්ඩායමේ ජීවිතක්‍ෂයට පත්වූ තම සාමාජිකයින් ට පුන්‍යානුමෝදනා කිරීමේ පිංකමක්

1987 වසරේ අපොස උසස් පෙල විභාගයට පෙනී සිටි කොළඹ නාලන්දා විද්‍යාලයේ ’87 කණ්ඩායම විසින් මේ දක්වා ජීවිතක්‍ෂයට පත්වූ තම සගයන්ට පුන්‍යානුමෝදනා කිරීමේ පිංකමක් ඔවුන්ගේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් පෙබරවාරි 10 කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.
පාසල් සමයේ ඇති කර ගත් මිත්‍රත්වය පාසල් කාලයෙන් පසුවත් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන මෙම ආදිශිෂ්‍ය කණ්ඩායම ඉන් ඔබ්බට යමින් යුද්ධය, හදිසි අනතුරු හා විවිධ රෝගාබාධ හේතුවෙන් සදහටම තමන්ගෙන් වෙන්ව ගිය මිතුරන්ගේ පවුල්වල සාමාජිකයින් සමග සහ-සම්බන්ධතා දිගින් දිගටම පවත්වාගෙන යමින් ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කරමින් සිටී.
එහි තවත් පියවරක් ලෙස මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්‍ෂිනා පිංකමක් අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක බොරැල්ලේ අතුල නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ සිදු කරන ලදී. මෙම අවස්ථාවට නාලන්දා විද්‍යාලීය ’87 කණ්ඩායමේ සාමාජිකයන් සහ මියගිය සහෝදරවරුන්ගේ ඥාතින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *