ASPIRE සමඟ අත්වැල් බැඳගනිමින් තම දියණියගේ ජීවක සිහිනයට පණ දෙන දිරිය මව

එදානෙදා අපි මුහුණදෙන අභියෝග අපගේ සිහින යටපත් කරන මුත් අභියෝගයන්ට අභියෝගයක් වෙමින් මංජුලා රාමලිංගම්ගේ මහත්මිය සිය ජීවන රඟමඩල තුළ සාර්ථක මවකගේ සහ ආදර්ශමත් පුරවැසියෙකුගේ භූමිකාවන් නිරූපණය කරයි. අවුරුදු 17 දී විවාහ වී, 18 දී මවක් වූ ඇය සිය ජීවිතය තුළ මහමෙරක් තරම් දුක් කම්කටොලූ වලට මුහුණ දුන්නාය. අද වන විට ඇය ඇගේ දියණියව වෛද්‍යවරියක් කිරීමේ සිහිනය දක්වා රැගෙන යන්නේ නොසැලෙන අධිෂ්ඨානයෙනි. අනේකවිඳ පීඩාවන්ගෙන් මිදීමට ඇය ඇගේ ජීවන ගමනට ශක්තියක් කර ගත්තේ කසළ එක්රැස් කිරීම තුළින් ලබන ආදායමයි.

ශ‍්‍රී ලංකාව කසළ කළමනාකරණ අර්බුදයට දැඩි ලෙස මුහුණ දෙන අතර දිනකට ජනනය වන ඝණ අපද්‍රව්‍ය ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 9,000 ඉක්මවයි, එය සෑම වසරකම 1.2% කින් වර්ධනය වේ. මෙහි ප‍්‍රතිවිපාක හුදු සංඛ්‍යාලේඛනවලින් ඔබ්බට විහිදෙන අතර එය පාරිසරික හායනය, සෞඛ්‍ය ගැටලූ සහ සමාජ අභියෝග වලට හේතු වෙයි. අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීම, විශේෂයෙන් ප්ලාස්ටික් අවිධිමත් ලෙස බැහැර කිරීම හරහා ජල දුෂණය වන අතර පරිසර පද්ධතිවලට තර්ජනයක් එල්ල වේ.

ජීවන ගමනට මූල්‍යමය අත්වැලැක් අවැසිව සිටි මංජුලා මහත්මියට ASPIRE වැඩසටහන පිළිබඳව දැන ගැනීමට ලැබුණේ ඇගේ ඥාති සහෝදරයෙකු හරහාය. ක්‍දජ්-ක්‍දක් පදනමේ මූල්‍ය අනුග‍්‍රහය ඇතිව World Vision Lanka හි සහයෝගී ප‍්‍රයත්නයක් වන ASPIRE අවිධිමත් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ගැටලූව විසඳීමට උත්සාහ කළේය. ව්‍යාපෘතියේ අරමුණ වූයේ ප්ලාස්ටික් එකතු කිරීම පමණක් නොව ප්ලාස්ටික් එකතු කිරීම ශක්තිමත් කිරීම, ඒවා ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ ප‍්‍රයත්නයන් වැඩිදියුණු කිරීම, වගකිවයුතු PET ප්ලාස්ටික් බැහැර කිරීමට සහ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියේ ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කරන කසළ රැස් කරන ප‍්‍රජාවගේ ජීවිත නඟා සිටුවීම යන්නයි. ASPIRE හා සම්බන්ධ වීමට මංජුලා ගත් තීරණය එහි පළමු වැඩමුළුවෙන් පසුව තව තවත් ශක්තිමත් වූ අතර ඇය ASPIRE හි ක‍්‍රියාශීලී සහභාගිවන්නියක් බවට පත් විය.

මවකගේ මෙහෙවර යළි යළිත් අර්ථකථනය කරන ASPIRE හි දැක්ම

World Vision Lanka විසින් මෙහෙයවන ලද ‘Accelerating and Strengthening the Plastic Informal Recycling Eco-system in Sri Lanka’ ව්‍යාපෘතිය (ASPIRE) බස්නාහිර පළාත තුළ කසළ එකතුකරන්නන් පනස් දෙනෙකුට ‘’ප‍්‍රතිචක‍්‍රීයකරණ කර්මාන්ත සහකාරවරුන’’ ලෙස විධිමත් පුහුණුවක්, තාක්ෂණික පුහුණුව, ජම්බෝ බෑග් සහ ආරක්ෂිත කට්ටල පිරිනමයි. මෙම ව්‍යාපෘතිය රට පුරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන අතර, ප‍්‍රගතිය ඇගයීම සහ අතිරේක පහසුකම් සහිතව කසළ එකතුකරන්නන් සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

කෙසේ වෙතත්, මංජුලාට ASPIRE හුදු වැඩසටහනක් පමණක් නොවීය. එය ඇගේ පවුලේ ගමන් මග වෙනස් කළ ශක්තිමත් ජීවන මාර්ගයක් විය. මෙම කාල පරිච්ෙඡ්දය තුළ, ASPIRE වැඩසටහන ඇගේ ජීවිතයේ බලාපොරොත්තු වලට පහනක් වූ අතර, මංජුලාට බාධක ජය ගැනීමට සහ ඇගේ ජීවිතය පරිවර්තනය කිරීමට අවශ්‍ය සහය සහ කඳිම අවස්ථා ලබා දුන්නේය.

”මට කළ හැකි හොඳම දේ මම කළා. මෙම ASPIRE වැඩසටහන හා මම අත්වැල් බැඳගැනීම මගේ ජීවිතයේ මම ගත් හොඳම තීරණයයි. එය මගේ ගමන වෙනස් කළා වගේම මට ශක්තියක් වුණා. අපද්‍රව්‍ය එකතු කරන්නිය යන වෘත්තිය භූමිකාව සමාජය තුළ අපහාසයට උපහාසයට ලක් වුවද ඒ හරහා පරිසරයට සිදුවන ධනාත්මක දායකත්වය අපිරිමිතයි’’ යනුවෙන් මංජුලා සිය සතුට පළ කළාය.  ‘’ASPIRE මට ව්‍යවසායිකාවක් වන්නට පාර පෙන්නුවා. මා තුළ ඇති ශක්තිය හඳුනා ගැනීමට පුළුවන් වුණේ මෙම වැඩසටහන නිසා. නිසි වැටුප් ලේඛනයක් නිර්මාණය කරන්නේ කෙසේද, ව්‍යාපාර කළමනාකරණය අවබෝධ කර ගන්නේ කෙසේද, මගේ ව්‍යාපාරය ඉහළ නැංවීමට සහ මා මීළඟට අවධානය යොමු කළ යුත්තේ කොතැනටද යන්න තීරණය කිරීමට ඉගැන්වුවා.’’ යනුවෙන් ඇය තවදුරටත් අදහස් දැක්වූවාය.

ASPIRE කණ්ඩායම විසින් සපයන ලද මගපෙන්වීම, මෙවලම් සහ උපකරණ සමඟින්, මංජුලගේ PET අපද්‍රව්‍ය එකතු කිරීම මාස කිහිපයක් ඇතුළත කිලෝග‍්‍රෑම් 500 සිට කිලෝග‍්‍රෑම් 12,000 දක්වා ඉහළ ගියේය. ඒ හරහා පාරිසරික තිරසාරත්වයට දායක වූවා පමණක් නොව ඇයගේ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමේ මූලික පියවර බවටද පත් විය. වැඩි කල් යන්නට මත්තෙන්, උසස් ජීවන තත්ත්වයක් සහිතව පී‍්‍රතිමත් ජීවිතයක් ගත කිරීමට ඇයට හැකි විය.

මංජුලාගේ අධිෂ්ඨානය සහ නොපසුබස්නා උත්සාහය ඇගේ ජීවිතයම වෙනස් කළා පමණක් නොව දියණියගේ අධ්‍යාපනික සාර්ථකත්වයට ද මග පෑදුවේය. ඇගේ ශක්තියෙන් සහ ඇගේ නොසැලෙන ආත්මවිශ්වාසයෙන් ආශිර්වාද ලැබූ මංජුලාගේ දියණිය දැන් කොළඹ පිළිගත් විශ්ව විද්‍යාලයකට ඇතුළත්ව ජීව වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් හදාරයි. තම දියණිය සිය පරම්පරාවේම ප‍්‍රථම වෛද්‍යවරිය කිරීමේ අභිමානනීය සිහිනය වෙනුවෙන් මංජුලා ඇගිලි ගණිමින් සිටියි. මංජුලා පවසන්නේ කසළ එකතු කිරීම හරහා පරිසරයට සිදුවන මෙහෙවර වගේම ඒ තුළින් ලැබෙන ආදායමෙන් තම දියණිය වෙඳැදුරු සිහිනය දක්වා යන ගමන දෙස බලා ඇය මහත් තෘප්තියක් ලබන බවයි.

සෑම කාන්තාවක් තුළම ඇති ශක්තිය හඳුනාගැනීම

මංජුලාගේ දරුවෝ බොහෝ විට ඇයව හඳුන්වන්නේ සිංගපෙන් යනුවෙනි. එය දෙමළ සමාජය තුළ ආදරයෙන් අනුනාද වූ වචනයක් වන අතර එය අභියෝගවලට මුහුණ දෙන සාර්ථක, ඔරොත්තු දෙන, ශක්තිමත් ආදර්ශයක් සංකේතවත් කරයි. ඇයගේ ජීවිතයේ රළු ආරම්භය අනුව, මාතෘකාව හොඳින් උපයා ඇත! තම පවුල තුළ ප‍්‍රථම වෛද්‍යවරිය බිහිකිරීමේ මංජුලාගේ සිහිනය හුදෙක් පුද්ගලික අභිලාෂයක් නොවේ – එය World Vision Lanka සහ Coca-Cola ක්‍දජ්-ක්‍දක් පදනම වැනි සංවිධානවල සහයෝගී ප‍්‍රයත්නයන් සමඟ සමපාත වේ. මංජුලා වැඩි කල් නොගොස් ¥රදර්ශී ව්‍යවසායකයෙකු බවට පත් වූ අතර දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සේවයේ යොදවමින්, මංජුලා දැන් සමාජයේ අඩු වරප‍්‍රසාද ලත් කාන්තාවන් පස් දෙනෙකුට ස්ථාවර මූල්‍ය ජීවන මාර්ගයක් පිරිනමන අතරේ ඇගේ දැනුම, ප‍්‍රවීණත්වය සහ මග පෙන්වීම බෙදා ගනී.

කසළ එකතුකරන්නන්ගේ ජීවන තත්වය වැඩි දියුණු කිරීම සහ සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කර ඇති මෙම ව්‍යාපෘතිය ජීවනෝපාය වැඩිදියුණු කරන අතර තිරසාර භාවිතයන් සඳහා ආදර්ශයක් සපයයි. පුහුණුව, ව්‍යාපාර කළමනාකරණ අධ්‍යාපනය සහ අත්‍යවශ්‍ය උපකරණ හරහා, කාන්තා අපද්‍රව්‍ය එකතු කරන්නන් ආර්ථික වශයෙන් දියුණු වන අතර පාරිසරික තිරසාරභාවයට දායක වන වාතාවරණයක් ASPIRE විසින් නිර්මාණය කරයි. මෙම වැඩසටහන ශ‍්‍රී ලංකාවේ කාන්තා අපද්‍රව්‍ය එකතු කිරීමේ ප‍්‍රජාව තුළ පුළුල් සවිබල ගැන්වීමක් සහ තිරසාර වෙනසක් ඇති කරමින් අපද්‍රව්‍ය එකතු කරන්නෙකු දුරදර්ශී ව්‍යවසායකයෙකු බවට පත් කරයි.

World Vision Lanka පිළිබඳව

World Vision Lanka දරිද්‍රතාවය සහ අයුක්තිය ජය ගැනීම සඳහා දරුවන්, පවුල් සහ ප‍්‍රජාවන් සමඟ වැඩ කිරීමට කැප වූ ක‍්‍රිස්තියානි, සහන, සංවර්ධන සහ උපදේශන සංවිධානයකි.

අපි අපගේ ප‍්‍රධාන අංශ හරහා – සෞඛ්‍ය සහ පෝෂණය, ජලය සහ සනීපාරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ ළමා ආරක්ෂාව – ආගම, ජාතිය, වාර්ගික හෝ ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව සියලූම මිනිසුන්ට සේවය කරන්නෙමු. අප සැමවිටම ළමුන් කේන්ද්‍රීයව සහ ධනාත්මක වෙනසක් වෙනුවෙන් ප‍්‍රජාව මෙහෙයවනු ලබයි.

World Vision 1977 වසරේ සිට ශ‍්‍රී ලංකාවේ පවතින අතර දැනට දීර්ඝ කාලීන සංවර්ධන වැඩසටහන් හරහා දිවයින පුරා දිස්ත‍්‍රික්ක 13 ක ස්ථාන 28 ක සේවය කරයි. 2022 දී අපි වඩාත් අවදානමට ලක්විය හැකි 100,000 කට අධික ළමුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවිතවලට සෘජුවම බලපෑම් කළෙමු.

Coca-Cola පදනම පිළිබඳව

Coca-Cola පදනමේ මෙහෙවර වන්නේ Coca-Cola සමාගම ක‍්‍රියාත්මක වන සහ අපගේ සේවකයින් ජීවත් වන සහ වැඩ කරන ලොව පුරා ප‍්‍රජාවන් තුළ වෙනසක් ඇති කිරීමයි. සංකීර්ණ ගෝලීය අභියෝගවලට මුහුණ දෙන සහ කල් පවත්නා බලපෑමක් ඇති කරන පරිවර්තනීය අදහස් සහ ආයතන සඳහා අපි සහාය දෙමු. පිරිසිදු ජලය සඳහා තිරසාර ප‍්‍රවේශය, දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව සහ ආපදා අවදානම් වෙනුවෙන් සූදානම සහ ප‍්‍රතිචාර දැක්වීම, චක‍්‍රීය ආර්ථිකය, ආර්ථික සවිබල ගැන්වීම සහ අපගේ ගම්බද ප‍්‍රජාවට බලපාන ප‍්‍රශ්න වෙනුවෙන්  අවධානය යොමු කර ඇත. 1984 හි ආරම්භයේ සිට, Coca-Cola පදනම ලොව පුරා සිටින ප‍්‍රජාවන් ශක්තිමත් කිරීම සඳහා ඩොලර් බිලියන 1.5 කට අධික මුදලක් ප‍්‍රදානය කර ඇත. Coca-Cola පදනම පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට https://www.coca-colacompany.com/shared-future/communities/the-Coca-Cola-foundation වෙත පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *