MAS2023Eco Go Beyond සම්මාන උළෙලේදී ලොවක් වෙනස් කරන නිර්මාණාත්මක හැකියාවන් සහිත නව පරපුරේ විශිෂ්ටයින් අගයයි

දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS Holdings තිරසාර අධ්‍යාපනය වෙනුවෙන් වන සිය කැපවීම යළි යළිත් තහවුරු කිරීමට සමත් වූයේ පසුගියදා තුල්හිරිය MAS Athena හි පැවති 2023 Eco Go Beyond තිරසර පාසල් සංවර්ධන වැඩසටහන සාර්ථකව නිම කරමිනි. 2023 වසරට අදාලව පාසල් සිසුන් විසින් ක‍්‍රියාත්මක කළ සුවිශේෂී ව්‍යාපෘති හඳුනා ගැනීම, ඇගයීම සහ පාසල් සිසුන් විසින් ක‍්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති මඟින් සිදු කළ සමාජ සහ පාරිසරික බලපෑම ප‍්‍රදර්ශනය කිරීම මෙම සම්මාන පිරිනැමීමේ උත්සවයේ අරමුණ විය.  මීට පෙර වසරක් පුරා ඒ වෙනුවෙන් වැඩමුළු, පුහුණු වැඩසටහන් හා සිසු සිසුවියන්ගේ ව්‍යාපෘති වැනි විවිධ වැඩසටහන් වසරක් පුරා ක‍්‍රියාත්මක වූ අතර මෙම වැඩසටහන තුළින් සමරනු ලැබුවේ එහි උච්චතම අවස්ථාවයි. UNICEF හි ශ‍්‍රී ලංකා නියෝජිත ක‍්‍රිස්ටියන් ස්කූග් මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම විශේෂ අවස්ථාව වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම MAS හි ඉහළ කළමනාකාරීත්වය හා නිලධාරීන්ද එක්ව සිටියේය.

මීට වසර 17කට පෙර ආරම්භ කරන ලද Eco Go Beyond තිරසර පාසල් සංවර්ධන වැඩසටහනෙහි අරමුණ වූයේ තිරසර සංවර්ධන සංකල්ප පිළිබඳ තරුණ පිරිස් දැනුවත් කරමින් එම තරුණ පිරිස් සඳහා එම සංකල්ප ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමයි. පරිවර්තනයක් වෙනුවෙන් වන MAS හි දැක්ම අනුව යමින් තරුණයින් විසින් මෙහෙයවනු ලබන තිරසාර සංවර්ධනයන් ඉහළ නැංවීම සඳහා MAS Holdings හි කැපවීමේ තවත් ප‍්‍රමුඛ පියවරක් ලෙසද මෙය පෙන්වා දිය හැකිය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ MAS Holdings හි සමූහ තිරසාර ව්‍යාපාර අධ්‍යක්ෂිකා නිමන්ති කූරගමගේ මහත්මිය ‘‘Eco Go Beyond තිරසර පාසල් සංවර්ධන වැඩසටහන තුළින් නව්‍යකරණ අදහස් සහිත නව පරපුරේ නිර්මාණකරුවන් විසින් ඉදිරිපත් කරන ලද විසඳුම් තුළින් මෙරට පරිසර පද්ධතියට සුවිසල් දායකත්වයක් දැක්වීමේ හැකියාව උදා වන අතරම ඒ තුළින් දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ඇති වන අභියෝග අවම කර ගැනීමටත් එම අභියෝග ජය ගනිමින් දියුණු අනාගතයක් උදා කර ගැනීමටත් හැකියාව උදා වනවා. ලෝකයක් වෙනස් කරන මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අනුපමේය දායකත්වයක් ලබා දුන් පාසල් සිසු සිසුවියන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් මෙන්ම ප‍්‍රජා සාමාජිකයින් ඇගයීම මෙම දිනයේ අරමුණයි’’ යනුවෙන් පැවසුවාය.

මෙහිදී අදහස් දැක්වූ MAS Holdings හි සමාජ තිරසාරත්ව ප‍්‍රධානී අමන්ති පෙරේරා මහත්මිය සඳහන් කර සිටියේ ‘‘රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්ව ජනතාව හා විවිධ ප‍්‍රජාවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේදී සුවිශේෂී බලපෑමක් ඇති කළ හැකි බව Eco Go Beyond තිරසර පාසල් සංවර්ධන වැඩසටහන තුළින් මනාව පිළිබිඹු වනවා. මීට පෙර ඉන්දියාවේ තමිල්නාඩුවේ පාසල් 2ක MAS Eco Go Beyond තිරසර පාසල් සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක කළ අතර මේ වසරේදී සපුරනු ලබන්නේ එම වැඩසටහනෙහි පළමු වසරයි. එසේම මේ සඳහා වන අපගේ දායකත්වය අඛණ්ඩව ඉහළ නැංවීමට කටයුතු කරන අප තමන් නියෝජනය කරන ප‍්‍රජාවන් තුළ මෙන්ම ඉන් ඔබ්බට වෙනසක් ඇති කිරීමට සමත් ගෝලීය තිරසාර තරුණ සිසු පරපුරක් ගොඩනැගීමට කැපවී කටයුතු කරන බවත් සඳහන් කළ හැකියි.’’ යනුවෙනි.

සුවිශේෂී බුද්ධිය තුළින් පාරිසරික සංරක්ෂණය හා ප‍්‍රජා සංවර්ධනය සම්බන්ධයෙන් කෙතරම් බලපෑමක් එල්ල කළ හැකිය යන බව Eco Go Beyond තිරසර පාසල් සංවර්ධන වැඩසටහනේ ජයග‍්‍රාහකයින්ගේ නව්‍ය ව්‍යාපෘති තුළින් මනාව දැකගත හැකිය. විශේෂයෙන් පරිසර පද්ධති ප‍්‍රතිස්ථාපනය, අපද්‍රව්‍ය කළමනාකරණය හා ආබාධිත පුද්ගලයින් සඳහා අනුවර්තන විසඳුම් වැනි ව්‍යාපෘති තුළින් වර්ධනය වෙමින් පවතින පාරිසරික අභියෝගවලට හා මානව අවශ්‍යතාවන්ට සරිලන විසඳුම් ලබා දීමට තරුණ තිරසාර විශිෂ්ටයින් කටයුතු කර ඇත්තේ ඔවුන්ගේ ප‍්‍රජාවන් සමඟ ඉහළ මැදිහත්වීමක් හා ධනාත්මක වෙනසක් ඇති කරමිනි.

මෙහි ප‍්‍රථම ස්ථානය හිමිකරගත් ශ‍්‍රී ඥානෝදය මධ්‍ය විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන අභිරු සුජයන විසින් නායකත්වය දුන් පරිසර පද්ධති ප‍්‍රතිස්ථාපනය, අපද්‍රව්‍ය කළමනාකරණය හා කඩොලාන සංරක්ෂණය කිරීමේ වැඩසටහන් සාර්ථකත්වයට පත් වූයේ නිවාස 8000ක රෝපණය කළ පැල 95,000ක් තුළින් 15,000කට අධික පිරිසකට ප‍්‍රතිලාභ ලබා දෙමිනි. ඒ සඳහා ඔහු විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘතියට පැල තවාන් සහ ආදර්ශ වගාවන් නිර්මාණය කිරීම හා පැල සහ පොහොර ජනතාව වෙත බෙදා දීම ඇතුළත් විය. මෙහි දෙවන ස්ථානය දිනාගනු ලැබුවේ උඩුව කණිෂ්ඨ විද්‍යාලයේ කුසල් සචින්තයි. ආබාධ සහිත පුද්ගලයින් සඳහා අනුවර්තන විස`දුම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් බ්‍රේල් ලේබල් නිර්මාණය කිරීමේ උපකරණයක් සකස් කිරීමේ ව්‍යාපෘතියක් ඉදිරිපත් කළ සචින්ත ත‍්‍රිමාණ මුද්‍රණයන් තුළින් මුල් ආකෘති නිර්මාණය සඳහා Bodyline හි Automation කණ්ඩායම සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලදී. ඔහු මේ දක්වා බ්‍රේල් ලේබල් 39,000ක් පමණ බෙදා හරිමින් දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට භාවිත කිරීමේ හැකියාව ඉහළ නැංවීමට කටයුතු කර ඇත. තෙවන ස්ථානය දිනාගත් බෙල්ලන මහා විද්‍යාලයේ සමිදි හසාරා පරිසර පද්ධති ප‍්‍රතිස්ථාපනය කිරීමේ සිය ප‍්‍රජාවේ ප‍්‍රයත්නයන්ට නායකත්වය ලබා දෙමින් බාහිර පාර්ශවකරුවන් රැසක් සමඟ එක්ව පරිසර සංරක්ෂණය වෙනුවෙන් පැළ 13,000කට අධික ප‍්‍රමාණයක් රෝපණය කිරීමට සමත් විය.

තිරසාර අධ්‍යාපනයේ පරිවර්තනීය හැකියාව හා සියලූ දෙනාට වඩාත් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා පාසල් සිසුන් තුළ ඇති හැකියාව හා කැමැත්ත මෙම වැඩසටහන්වල සාර්ථකත්වයට හේතු වී ඇත. තිරසාර අධ්‍යාපනයක් ඇති කිරීම හා අලූතින් සිතන්නට දරුවන් සවිබල ගැන්වීම වෙනුවෙන් කැපවී කටයුතු කරන MAS හි අරමුණ වී ඇත්තේ හරවත් පාරිසරික ක‍්‍රියාකාරකම් දිරිගන්වමින් සිය Eco Go Beyond වැඩසටහනෙහි බලපෑම වඩ වඩාත් ඉහළ නැංවීමයි.

MAS Eco Go Beyond සම්මාන ප‍්‍රදානෝත්සවය 1 – පළමු ස්ථානය හිමිකරගත් අබිරු සුජයන විසින් ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ UNICEF ශ‍්‍රී ලංකාහි නියෝජිත ක‍්‍රිස්ටියන් ස්කූග් මහතා අතින් තමාට හිමි සම්මානය හිමි කරගත් අයුරු

MAS Eco Go Beyond සම්මාන ප‍්‍රදානෝත්සවය 2 – තෙවන ස්ථානය හිමිකරගත් සමිදි හසාරා විසින් MAS Holdings හි සමූහ මානව සම්පත් අධ්‍යක්ෂිකා ඩිනාලි පීරිස් මහත්මිය අතින් තමාට හිමි සම්මානය හිමි කරගත් අයුරු

MAS Eco Go Beyond සම්මාන ප‍්‍රදානෝත්සවය 3 – දෙවන ස්ථානය හිමිකරගත් කුසල් සචින්ත විසින් ප‍්‍රධාන අධ්‍යාපන අමාත්‍යාංශයේ මානව ශාස්ත‍්‍ර හා ජාතික භාෂා අධ්‍යක්ෂිකා ජයනි තිලකරත්න මහත්මිය අතින් තමාට හිමි සම්මානය හිමි කරගත් අයුරු

MAS Eco Go Beyond සම්මාන ප‍්‍රදානෝත්සවය 4 – 2023 Eco Go Beyond සම්මාන ප‍්‍රදානෝත්සවයේ ගෞරවනීය ආරාධිතයින් ලෙස එක් වූ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වන ක‍්‍රිස්ටියන් ස්කූග් මහතා සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජිත මහත්ම මහත්මීන් හා MAS Holdings හි නියෝජිතයින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *