22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නීති විරෝධි ලෙස රේගුවෙන් බහාලුම් නිදහස් කිරිමට සම්බන්ධ වූ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කළා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

    රටේ ආර්ථිකයට බලපාන්නා වූ එමෙන්ම ජනතාව සමඟ සම්බන්ධ වැදගත් ආයතනයක් වූ රේගු දෙපාර්තමේන්තුවේ සේවය කරන විනය විරෝධී ලෙස කටයුතු කළ නිලධාරීන් පිරිසකගේ වැඩ තහනමට ලක්කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
    පසුගිය ජනවාරි මාසයේදී පමණ මෙරටට ගෙන්වනු ලැබූ බහාලුමක රූපලාවන්‍ය උපකරණ සහ දියර පොහොර අඩංගුව තිබී ඇති අතර ඒවා ආනයනය කිරීම සඳහා නිසි අවසරයක් ලබාගෙන නොතිබූ නිසා එම බහාලුම රඳවා තබා ගැනීමට කටයුතු කළ බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.
    රූපලාවන්‍ය උපකරණ ගෙනඒම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අවසරය අවශ්‍ය වන අතර දියර පොහොර රැගෙන ඒම සඳහා ආනයන අපනයන බලපත්‍රයක් ලබාගත යුතු ය.

    එවන් අවශ්‍යතා කිසිවක් සපුරා නොතිබියදී පසුගිය සතියේදී නිලධාරීන් පිරිසක් විසින් මෙම බහාලුම නීති විරෝධි ලෙස මුදාහැර ඇති අතර , ඊට සම්බන්ධ සියලු නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කළ බව අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ ය.

    langladehistory.com
    loundacademy.co.uk
    saintvincenthome.org
    tributementorship.com
    zhanauto.kz