22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ මනාපය සංශෝධන ගැටලුව නිරාකරණය කිරීමට මුදල් අමාත්‍යාංශය එකඟතාව පළ කරයි.. ඇමැති ෂෙහාන් සේමසිංහ

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ දී නව සේවා නිලධාරීන් ලෙස අන්තර්ග්‍රහණය වූ සමෘද්ධි නිලධාරීන් වෙත මුල් සේවා නිලධාරීන් ලෙස මනාපය සංශෝධනය කිරීමට නැවත අවස්ථාවක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකගතාව පළ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි. ඒ අනුව එම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත්ඒ කිරීමට නියමිත ය. නිලධාරීන් 3027 දෙනෙකුට ඊට අවස්ථාව හිමි වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. දීර්ඝ කාලයක් තිස්සේ තමන් මුහුණ දුන් මෙම ගැටලුව හේතුවෙන් පත්ව ඇති පීඩාව සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඊට කඩිනම් විසඳුම් ලබා දීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

    langladehistory.com
    loundacademy.co.uk
    saintvincenthome.org
    tributementorship.com
    zhanauto.kz