වන් රෑන්ක් වන් පෙන්ෂන් අපිට ලැබිලා තියෙන නිසා ඒවා විපක්ෂයේ ප්‍රතපත්ති ප්‍රකාශනවලින් ටිපෙක්ෂ කරන්න…

• උරුමයෙන් රණවිරු ගම්මානවලටත් ඔප්පු දිලා ඉවරයි…
• සලාක දීමනා ගැටළුවත් විසදිලා…
• රණවිරුවන්ගේ නිල ඇදුම් ටිකත් ලැබුණා…
• දේශපාලන පක්ෂ වේදිකාවල ඉන්න හමුදා නිලධාරීන් කිසිවෙක් රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටියේ නැහැ….
• විශ්‍රමාක ආබාධිත රණවිරු සියලු දෙනා එක්සත් රණවිරු ප්‍රජාව සමග එකතු වෙන්න…
• වන් රෑන්ක් වන් පෙන්ෂන් අපිට ලැබිලා තියෙන නිසා ඒවා විපක්ෂයේ ප්‍රතපත්ති ප්‍රකාශනවලින් ටිපෙක්ෂ කරන්න…
• ආබාධිත රණවිරුවන් 14 500ට නිල උසස්වීම් ලිපිය ළගදීම…

රණජයපුර රණවිරු ගම්මානය ඇතුළු රණවිරු ගම්මානවල සිටින සියළු රණවිරුවන්ට උරුමය වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇතැයි විශ්‍රාමික හමුදා නිලධාරී අසේල ධර්මසිරි මහතා පැවසීය.
ඒ නිසා රණවිරු ඉඩම් අයිතිය ගැන ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් කතාකරන්න කිසිවෙකුට අයිතියක් නැතැයි ද ඒ මහතාපැවසුවේ “එක්සත් රණවිරු ප්‍රජාව” සංවිධානය අද(03) කොළඹ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ විශ්‍රාමික හමුදා නිලධාරී අසේල ධර්මසිරි මහතා.
2015 සිට අපි රණ ජයපුර රණවිරු ගම්මානය ඇතුළුව අනෙකුත් රණවිරු ගම්මානවල ඉඩම් ඔප්පු ලබාගන්න උත්සහ කළා. පවුල් 2409 කින් පවුල් 97ක් සම්පූර්ණ මුදල් ගෙවලා. ජනාධිපතිතුමා ඒ පවුල් අනූ හතට විතරක් නෙමෙයි, උරුමය වැඩසටහන යටතේ පවුල් 2409 ටම ඉඩම් ඔප්පු දෙන්න කිව්වා. දැන් සමහර ප්‍රතිපත්ති ප්‍රකාශන වල අපිට ඔප්පු දෙනවා කියනවා. හැබැයි මේ වෙනකොටත් ජනාධිපතිතුමා ඔප්පු දීලා ඉවරයි.
සලාක දීමනාව පිළිබඳ ගැටලුවක් රණවිරුවන්ට තිබුණා. සේවයේ සිටින, ආබාධිත සියලුම දෙනාගේ සලාක දීමනාව පිළිබඳ ගැටලුව විසඳලා තියෙන්නේ. පසුගිය කාලයේ රණවිරුවන්ට අනුරාධපුරයට ගිහිල්ලා යුනිෆෝම් එක ගන්න රුපියල් හාරදාහක් විතර ගියා. නිළ ඇඳුම් ගන්න බැරුව රණවිරුවන්ගේ ඇඟිල්ල බූට් එකෙන් එළියට ආවෙ. දැන් රණවිරුවන්ට නොමිලේ දෙන ඇඳුම් ටික දීලා ඉවරයි. එතුමා රණවිරුවන් වෙනුවෙන් කළ යුතු කැපකිරීම් සියල්ල කරලා තියෙන්නේ.
රණවිරුවන්ට සැලකුවා කියලා නාමල් කියනවා. 2015 දී රනිල් වික්‍රමසිංහ මහත්තයම තමා රණවිරුවන්ගේ වැටුප රුපියල් දහ දාහකින් වැඩි කරේ.
මේ වෙනකොට දේශපාලන පක්ෂවල හමුදා තනතුරු දැරූ අය පුදුම විදිහට දකින්න ලැබෙනවා. ඔය කිසිම කෙනෙක් රණවිරුවන්ගේ අරගලයට ඇවිත් තියෙනවද. මම අනුරාධපුරේ ඉඳලා කතරගමට දවස් තිස්තුනක් පයින් ගියා. රණවිරුවෝ හතර දෙනෙක් එක්ක. මරණීය දඬුවම ලැබිලා හිටපු රණවිරුවන්ට ජනාධිපති සමාව ගත්තේ ඒ විදිහට. දවස් 27 ක් කොටුවෙ හිටියා. ඔය ජෙනරල්ලා ඒ පැත්තට ආවේ නෑ.
විශ්‍රාම ගිය ආබාධිත සියලුම රණවිරුවන්ට අපි ආරාධනා කරනවා, එක්සත් රණවිරු ප්‍රජාව සමග එකතු වෙන්න කියලා. අපේ කර්නල් රත්නප්‍රිය බන්දුගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා ඔබතුමා එන්න අපිත් එක්ක. 2026 මේ රටේ හමුදාපති වෙන්න හිටපු ඔබතුමාට නිල උසස්වීම දීපු මහේෂ් සේනානායක එක්ක ඉන්න ලැජ්ජ නැද්ද.ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා අපිත් එක්ක එන්න කියලා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ වරාය සභාපති වෙලා හිටපු දයා රත්නායක එක රණවිරුවකුට උදව් කරල තියෙනවද. සියලුම දේශපාලන පක්ෂවල ඉන්න ජෙනාල්ලා, අද්මිරාල්ලා, ඩී අයි ජී ලට රූපවාහිනි මාධ්‍යයක හරි මා එක්ක විවාදයට එන්න කියලා ආරාධනා කරනවා. විශ්‍රාම ගිහිල්ලා රණවිරුවන්ට කරපු දේ ගැන කතා කරන්න.
2002 සරසාලෙයි අණදෙන නිලධාරි මාලිමාව සාක්කුවෙ දාගෙන දිව්වා. දැන් එනවා මාලිමාව එක්ක වේදිකාවට නැගලා රට කෙලින් කරන්න. මාලිමාව සාක්කුවේ දාගෙන තමන්ගේ ඒකකයත් දාලා දුවපු අනුර ජයසේකර මහත්තයටත් කියන්නේ පුළුවන් නම් ඔයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අරගෙන සාකච්ඡා කරන්න එන්න.
අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා වන් රෑන්ක් වන් පෙන්ෂන් කියන එක. ඒ සම්බන්ධ ලිපි ලේඛන එතුමාට භාර දුන්නා. දින දෙකක් ඇතුළත ඒකට අනුමැතිය ලැබුණා. මැයි මාසෙ 22 ඉඳලා ඒක ලැබෙනවා. ඒක දැන් කිසි කෙනෙකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වලට දාගන්න එපා.මේ වෙනකොටත් ඒක ලැබිලා නිසා ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන වල ඒ කොටස ටිපෙක්ස් කරානම් හරි.
ආපහු සිවිල් සංවිධාන ජිනීවා කතන්දරේ ගෙනල්ලා. තැපැල් ඡන්දය භාවිතා කරන්න ඉන්න අපේ ආදරණීය රණවිරුවනි, තැපැල් ඡන්දයේදී නියත වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්න. මේ වෙලාවේ වෙන්න ජනාධිපතිලාට, පුතාලට ඡන්දේ භාවිතා කරන්න එපා. 2015 දී අපි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ගන්න තියෙන ටික ගන්නෙ නැතුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රණවිරුවන්ට සලකයි කියලා බලාපොරොත්තු වුණා.
හැබැයි කිසි දෙයක් වුණේ නෑ. වෙන්න ජනාධිපතිවරු, වෙන්න ලේකම්ලා විශ්වාස කරන්න එපා. රණවිරුවන්ට දෙන්න තියෙන උපරිම දේ මේ වෙනකොට ජනාධිපතිතුමා දීලා ඉවරයි. ආබාධිත වුනු 14 500ක් රණවිරුවන්ට නිල උසස්වීම් ලිපිය අරගෙන ඊළඟ මාධ්‍ය සාකච්ඡාවේදී හමුවෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *