22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

රජයේ පාසල්වලට අනුයුක්ත සංවර්ධන නිලධාරි ගැටළුවට විසඳුමක්

2019 වර්ෂයේ දී රජයේ පාසල්වලට පුහුණුවීම සඳහා අනුයුක්ත කළ උපාධිධාරි සංවර්ධන නිලධාරීන් 23,000ක පිරිසකගෙන් 7,000ක් පමණ දැනටමත් පළාත් මට්ටමින් ගුරු සේවයට බඳවා ගෙන ඇත. ඉතිරි 16,000ක් පමණ වන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩු නිසා ප්‍රමාද විය.

එහෙත් මෙම ප්‍රශ්නය කඩිනමින් විසඳීම සඳහා පාර්ශව සමඟ එකඟතාවක් ඇති කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදුව රාජ්‍ය සේවා කොමිසමේ නිරීක්ෂණ සැලකිල්ලට ගෙන එම නිරීක්ෂණ සතියක් තුළ නැවත සලකා බැලීමට දන්වා යැවීමටත් තීරණය වු අතර ගරු ජනාධිපතිතුමා විසින් මෙම ගැටළුව විසඳන බවටත් දන්වන ලදී.

ඒ අනුව කඩිනමින් මේ ගැටළුව විසඳා ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz