22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

වාහන ආනයන සීමා ඔක්තොම්බර් මස 01 වෙනදා සිට ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය .. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි… .

වාහන ආනයන සීමා ඔක්තොම්බර් මස 01 වෙනිදා සිට පියවර 03 ක් යටතේ ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
පැවති ආර්ථික අර්බුධය හා විනිමය ගැටළු හේතුවෙන් භාන්ඩ වර්ග 2000 කට වැඩි ප්‍රමාණයක ආනයන නවතා දමා තිබූ අතර , වරින් වර එම සීමාවන් ඉවත් කරනු ලැබුවා. ඒ අනුව වාහන ආනයනය මේ දක්වා නවතා දමා තිබුණද ඔක්තොම්බර් මස 01 වන දින සිට එම තහනම ඉවත් කිරීමට කැබිනට් මන්ඩලයේ අනුමැතිය හිමි වූ ඔහු පවසනවා.
ඒ අනුව ඔක්තොම්බර් මස 01 වෙනිදා සිට පොදු මගී ප්‍රවාහන වාහන තහනම ඉවත් කිරීමටත් , දෙසැම්බර් මස 01 වෙනිදා සිට පොදු භාන්ඩ ප්‍රවාහන වාහන වල ආනයන සීමා ඉවත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
පෙබරවාරි මස 01 වෙනදා සිට අනෙකුත් සියළුම වාහන වල ආනයන සීමාවන් ඉවත් කිරීමට අනුමැතිය හිමි වූ බවයි ඔහු සඳහන් කර සිටිය‍ෙ

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz