හර්ෂලා ඒරාන්ලා හිටියට ගෝඨාභටයට වැරදි ආර්ථික උපදෙස් දුන්න ආර්ථික ඔස්තාර්ලා තමයි සජිත්ට ආර්ථික උපදෙස් දෙන්නේ..

හර්ෂලා ඒරාන්ලා හිටියට ගෝඨාභටයට වැරදි ආර්ථික උපදෙස් දුන්න ආර්ථික ඔස්තාර්ලා තමයි සජිත්ට ආර්ථික උපදෙස් දෙන්නේ..
• සජිත්ට සුළු ජාතීන් ගැන ආදරයක් ඇතිවෙලා. හැබැයි සජිත් ඒක දවසක්වත් මුස්ලිම් දෙමළ ජනතා අයිතිවාසිකම් ගැන පාර්ලිමේන්තුවේ කතාකළේ නැහැ.
• අද සජිත් ප්‍රේමදාසයි, අනුර කුමාර දිසානායකයි වෙස්සන්තර වගේ හැම දෙයක්ම දෙනවාලු…
• දෙන දේශපාලනයෙන් ආර්ථිකය ගෙන ගියා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගිත්වය ලැබෙන්නේ නැහැ…
• සුරංගනා, පොරොන්දු දේශපාලනය රටට හරියන්නේ නැහැ…
• ඊළඟ අවුරුදු පහ රනිල් වික්‍රමසිංහ මහතාට රට භාර දුන්නේ නැත්නම් ආයෙමත් අවුරුදු දෙකකට කලින් තිබූ අඳුරු යුගයට අනිවාර්යයෙන්ම යනවා…
• රනිල් වික්‍රමසිංහ ලාංකික චින්තනයෙන් රට මෙහෙයවමින් සෑම විටම ජාතිවාදයට විරුද්ධ වු නායකයෙක්…
• සියලු ජන කොටස්වලට සහයෝගය සහ බැඳීමක් තියෙන නායකයෙක් ඉන්නවා නම් ඒ රනිල් වික්‍රමසිංහ…
• ප්‍රතිපත්ති ප්‍රකාශන මොන තරම් ඉදිරිපත් වුනත් දෙමළ, මුස්ලිම් ජනතාව දන්නවා අවංක නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා…
• ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස කිසිම වරප්‍රසාදයක් නොමැතිව රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දුන්නේ කොන්ද කෙලින් තියාගෙන රට වෙනුවෙන් නායකත්වය ගත්ත නිසයි…
• පොරොන්දු දේශපාලනය මිනිස්සු අනුමත කරන්නේ නැහැ…
• අනික් අය පොරොන්දු දේශාපලනය කරද්දි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරලා පෙන්නනවා..
• මාලිගාවේ දුන් ප්‍රතිපත්තියත් පසුව ඒලි දාක් වූ බ්ලූ ප්‍රින්ට් ඒකත් අතර වෙනසක් තියෙනවා. සජිත්ට ඒක ප්‍රතිපත්තියක් නැහැ.

මීට වසර දෙකකට පෙර තිබූ අඳුරු යුගයට රට නැවතත් ගමන් කිරීම වැළැක්වීමට නම් අනිවාර්යයෙන් රටේ ඉදිරි වසර පහක පාලන බලය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට භාර දිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.
(2024.09.17) කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ් මහතා සඳහන් කළේ සජිත් ප්‍රෙමදාස ඒක කිසි දිනෙක මුස්ලිම් දෙමළ ජනතා අයිතිවාසිකම් ගැන පාර්ලිමේන්තුවේ කතා නොකළ බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා –
අවුරුදු දෙකකට කලින් ජනතාවට කන්න බොන්න නෑ. බෙහෙත් නැහැ. විදුලිය නැහැ. ඒ වෙලාවේ සජිත් ප්‍රේමදාසට සහ අනුර කුමාර දිසානායකට රට භාරගන්න කියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිව්වා. ඒ වෙලාවේ රට භාරගත්තා නම් ඒ අයගේ දේශපාලන ගමන විනාශ වෙයි කියලයි ඒ අය හිතුවේ. රනිල් වික්‍රමසිංහ තනි මන්ත්‍රීවරයෙක් වෙලත් අභියෝගය බාරගත්තා.
රටේ ආර්ථිකය අවදානම් තත්ත්වයක තිබෙන මේ අවස්ථාවේ රට ඉදිරියට යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිටෙන්. ඒගොල්ලන්ගේ කොන්දේසි අනුව ක්‍රියා කිරීම රජයේ වගකීමක්. අද සජිත් ප්‍රේමදාසයි, අනුර කුමාර දිසානායකයි වෙස්සන්තර වගේ හැම දෙයක්ම දෙනවාලු. ඒ දෙන දේශපාලනයෙන් ආර්ථිකය ගෙන ගියා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගිත්වය ලැබෙන්නේ නැහැ.
ප්‍රතිපත්ති ප්‍රකාශනවල සුරංගනා කතා කියන්න පුළුවන්. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා එතුමාට රට ඉදිරියට ගෙනයාමේ හැකියාව තියෙන බව. ජනතාව බුද්ධිමත්වන්න. මේ සුරංගනා දේශපාලනය, පොරොන්දු දේශපාලනය රටට හරියන්නේ නැහැ. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඊළඟ අවුරුදු පහට රට භාර දුන්නේ නැත්නම් ආයෙමත් අවුරුදු දෙකකට කලින් තිබූ අඳුරු යුගයකට මේ රට අනිවාර්යයෙන්ම යනවා.
මීට පෙර බොහෝ අය දේශපාලනය කළේ ජාතිවාදය අවුස්සලා. අද තියෙන්නේ ආර්ථිකය පිළීබද ප්‍රශ්නයක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැත්නම් අද ජනාධිපතිවරණයකුත් නැහැ. එතුමා ආර්ථිකය හැදුවේ නැත්නම් අදත් පෝලිම්වල. ඡන්දයක්වත් කියන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ දේශපාලන කටයුතු මෙහෙයවන්නේ ගෝඨාභය රාජපක්ෂ විනාශ කරපු ජි.එල් පීරිස්. එතුමා තමයි අද සජිත්ගේ ජාතික ප්‍රතිපත්ති මෙයෙවන්නේ. හර්ෂලා, එරාන්ලා හිටියත් අද ආර්ථික ඔස්කාර වෙලා තියෙන්නේ නාලක ගොඩහේවා. වියත්මග කළේ එතුමා. ගෝඨාභය රාජපක්ෂක සමයේ සභාපතිවරු පත් කළේ එතුමා. ගෝඨාභය රාජපක්ෂ විනාශ කරලා අද සජිත් ප්‍රේමදාස ගාව හිටගෙන අපට දේශනා කරන්න එනවා. අද සජබ ඉන්න අයට තැනක් නැහැ. පොහොට්ටුවේ ඉන්න හොරු ටික ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගාව කියලා සමහර අය කියනවා. මම මතක් කරන්න කැමැතියි, පොහොට්ටුවේ සභාපති ජී.එල් පීරිස් ඉන්නේ කොහෙද?
නිකං කට තියෙන පලියට කියවන්න එපා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේ පත් වූ මන්ත්‍රීවරු 134 දෙනාගෙන් කැබිනට් එක පත් කරන්න ඕන. එතුමාට නව වරමක් ලැබුණාට පස්සේ එතුමාට අවශ්‍ය කණ්ඩායමක් සමඟ රට ඉදිරියට ගෙනයාමේ හැකියාවක් තිබෙනවා.
සජිත් ප්‍රේමදාසට සුළු ජාතීන් ගැන ලොකු ආදරයක් ඇතිවෙලා. සජිත් ප්‍රේමදාස මුස්ලිම් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන පාර්ලිමේන්තුව කතා කරලා තියෙනවාද නැද්ද කියන්න අපි දන්නවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැමවිටම හරි දේ වෙනුවෙන් පෙනී සිටි නිසා සමහර අවස්ථාවල දේශපාලන පසුබැසීම්වලට ලක්වුනා.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලාංකික චින්තනයෙන් රට මෙහෙය වූයේ. එතුමා සෑම විටම ජාතිවාදයට විරුද්ධ වු නායකයෙක්. සියලු ජන කොටස් කොටස් වලට සහයෝගය සහ බැඳීමක් තියෙන නායකයෙක්. ස.ජ.බ සහ මාලිමාව අද උතුරට ඡන්ද ගන්න යනවා. හැබැයි දෙමළ මුස්ලිම් ජනතාව දන්නවා අවංක නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. එතුමා උතුරට සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා වගේම මුස්ලිම් ජනතාවටත් විශාල සේවයක් කරලා තියෙනවා. කොවිඩ් කාලේ දේහයන් ආදාහනය සම්බන්ධයෙන් අද සජිත් ප්‍රේමදාස මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව ගන්නවා. ඒක මුස්ලිම් ප්‍රජාවට පොදු ප්‍රශ්නයක්. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා.
දළදා මාලිගාවට දෙන ප්‍රතිපත්ති මාලාව සහ හර්ෂලා දෙන බ්ලූ ප්‍රින්ට් එක අතර වෙනසක් තියෙනවා. හර්ෂ ද සිල්වාගේ ආර්ථික ප්‍රතිපත්තිය රනිල් වික්‍රමසිංහ ප්‍රතිපත්තියට බරයි. එකක් නාලක ගොඩහේවගේ ආර්ථික ප්‍රතිපත්තිය. මේක හරි දියාරු තැනක්. සෘජු තීන්දු තීරණ ගන්න තියෙන එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා මම වගකීමෙන් කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස කිසිම වරප්‍රසාදයක් නොමැතිව රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දුන්නේ කොන්ද කෙලින් තියාගෙන රට වෙනුවෙන් නායකත්වය දුන්න එතුමා නිසයි. අද රේගුවේ ආදායම, ආදායම් බදු වල ආදායම දෙස බලන්න. කිසිම නායකයෙක් එවැනි තීන්දු ගන්නේ නැහැ. ඒ තීන්දු ගත්තේ නැත්නම් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කිරීමේ හැකියාව නැහැ.
අද මොකක්ද වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා යමක් ප්‍රකාශ කළා නම්, සජිත් ප්‍රේමදාස ඊට වැඩියෙන් දෙනවා කියනවා. පොරොන්දු දේශපාලනය මිනිස්සු අනුමත කරන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. 2015 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අපි සහයෝගය දෙනකොට බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ දෙන්න පුළුවන් හැම දෙයක්ම දෙනවා කිව්වා. සිල් රෙදි එහෙමත් බෙදුවා. හැබැයි ඒත් ජනතාව බුද්ධිමත්. අද පොරොන්දු දේශපාලනයෙන් මිනිස්සු ඈත් වෙලා තියෙන්නේ. අනික් අය පොරොන්දු දේශාපලනය කරද්දි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරලා පෙන්නනවා.
රිෂාඩ්, හකීම් ඉන්න පැත්තට මුස්ලිම් ප්‍රජාව එන්නේ නැහැ. ඒ අය හැමදාම ඇමතිකම් සහ වරප්‍රසාද ගන්න මුස්ලිම් ප්‍රජාව විකුණනවා. ඒ අය සහාය දෙන කෙනා පැරදුන ගමන් අනිත් පැත්තට හේත්තු වෙන දෙන්නෙක්. මුස්ලිම් ප්‍රජාව රවට්ටන ඒ පක්ෂ දෙක මුස්ලිම් ප්‍රජාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *