හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගනී.

මෙවර පැවති මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණෙන් ගෑස් සිලින්ඩරයෙන් තමන් මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග කල බවත්, ජන්ද දායකයන් මනාප 20,401 ක් පමණක් ලබා දි තිබු බවත්, තමන් මිට ප්‍රථම පැවති මැතිවරණවලදි ලක්ෂ දෙකකට ආසන්න මානප ප්‍රමාණයක් ලබාගත් නිසා ජනතාවට තමන්ගේ දේශපාලනය අවශ්‍ය නොවන බවට පෙන්නුම් කර ඇති නිසා දේශපාලනයෙන් සමුගන්නා බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඒ මහතා තම දේශපාලන ගමනේදි තමන්ට නන් අයුරින් උපකාර කල සහ නොකල සියළු දෙනාට සිය ස්තුතිය පුද කරනු ලැබීය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමුගන්නා අවස්ථාවට පාක්ෂිකයන් විශාල පිරිසක්ද සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *