ජනතාව ඩෝසර්ම අරන් ශ්‍රමදානය කරලා…

අපි ජනතාවට කිව්වා දාහතර වෙනිදා හා ශ්‍රමදානයට එකතුවෙන්න කියලා, එ් අය උදලු, කැති අරන් නෙමෙයි ඩෝසර්ම අරගෙන ඇවිත් පිරිසිදු කිරීමේ ශ්‍රමදානය හරියටම කරලා තියෙනවා.
අපේ ජනතාව ජාතික ජන බලවේගයේ ආරාධනාව විශ්වාස කරමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා රට ගොඩනගන වැඩපිළිවෙල පිළිඅරගෙන මාලිමාවේ පුනරුද වැඩපිළිවෙළ සමඟ අත්වැල් බැඳගත් අති විශිෂ්ට ජයග්‍රහණයට දායක වෙච්ච සැමටම ජාතික ජනබල වේගය ලෙස අපේ ගෞරවය පුදකරනවා යයි ඊයේ (15) වැනිදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය .
ජනතාව ජනතාවගේ යුතුකම් ඉටුකරලා සේම අපි හදන ආණ්ඩුව අපේ යුතුකම් ඉටුකරනවා. 18 වනදා කැබිනට් මණ්ඩලය පත්කර 21 වනදා පාර්ලිමේන්තුව රැස් කරනවා, ඉන්පසු අපි ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන බව වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *