22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අර්බුද හමුවේ පෙරමුණේ සිට වෙනසට නායකත්වය දෙන ගැහැණු ළමයා මමයි

2025 වසරේ ගැහැණු ළමයාගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

අර්බුද හමුවේ පෙරමුණේ සිට වෙනසට නායකත්වයේ යෙදෙන ගැහැණු ළමයා මමයි
යන තේමාව යටතේ 2025 වර්ෂයේ ඔක්තෝබර් මස 11 වන දිනයට යෙදෙන ජාත්‍යන්තර ගැහැණු ළමයාගේ දිනය සමරනු ලැබේ. ගැහැණු ළමයාගේ ජාත්‍යන්තර දිනයේදී සියලුම දෙනා ම ගැහැණු ළමයි ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කිරීමට නායකත්වය ගත යුතුයි. විශේෂයෙන්ම සමාජයේ කුඩාම ඒකකය වන පවුල ආරක්ෂා කිරීමේ භාරදූර වගකීම අද දියණිවරුන් වන ඔවුන්ට දිනයේදී හිමිවනු ඇත.
එම ගැහැණු ළමයා ආරක්ෂා කිරීම වර්තමානයේ අප සියලු දෙනා හට පැවරී ඇති භාරදූර වගකීමකි.
වර්තමානයේ දී ළමා අපයෝජනයන් ගෑහැණු ළමයින් මානසිකව පීඩාවට පත් කිරීම පිළිබඳ ව දෙමව්පියන්ගේ සෙනෙහස මෙන්ම ගුරුවරුන් ඇතුළු සියලූම සමාජයේ වගකීම් දරන්නන් ගැහැණු ළමයින්ගේ ජීවිත ආරක්ෂා කිරීමටත් ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් සංවේදී වීමටත් කටයුතු කළ යුතුය.
තවද ළමයින් ආරක්ෂා කිරීමේදී ගැහැණු සහ පිරිමි යන භේදයකින් තොරව දෙපාර්ශවයේම ආරක්ෂාව ගැන දැඩිව අවධානය යොමු කළ යුතු කාලය එළඹ ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරික්ෂණය කරයි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ලෙස සියලු ශ්‍රී ලාංකික ගැහැණු ළමයින් ආරක්ෂා කිරීමටත් ඔවුන්ගේ අයිතීන් සුරැකීමටත් නායකත්වය ලබාදීමට අප සූදානම්ය. එසේම ඒ සඳහා පාර්ශ්වයන් අප සමග එක්ව ෙයි කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz