නිරෝගා අසපුව සෞඛ්‍ය වැඩමුළුව

සිල්වර් ස්ක්‍රීන් සහ ඇපෙක්ස් අයුරා එකතුව කලාකරුවන් සඳහා සංවිධානය කරන ලද නිරෝගා අසපුව සෞඛ්‍ය වැඩමුළුව පසුගියදා නළු නිළියන්, චිත්‍රපට නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු, ඇතුළු එම ක්ෂේත්‍රය නියෝජනය කරන ශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණ.
මෙහිදී දේශීය ශාක ආශිතව ස්භාවික නිෂ්පාදනය කරන ලද ඖෂධ වර්ග සහ එහි ඇති ගුණාත්මක භාවය පිළිබඳව ඇපෙක්ස් අයුරා ආයතනයේ අධ්‍යක්ෂක දේවන් මුතුහෙට්ටි මහතා සියල්ලන්ම දැනුවත් කළ අතර, ශ්‍රී ලාංකිකයින්ගෙන් ගිලිහුණු දේශීයත්වය සහ ඒ ආදීනත්වය, පෞරාණික වෛද්‍ය ක්‍රමය, විශ්මිත ලෙස පැරැන්නන් තම මව්බිම වෙනුවෙන් කරන ලද මහඟු සේවාවන් මෙන්ම ලොව කිසි රටකට නොදෙවෙනිව කෘෂි කර්මාන්තයෙන් රට ස්වයං පෝෂිත කළ ජාතික අභිමානයේ යථාර්ථය පිළිබඳව ඇපෙක්ස් අයුරා ආයතනයේ අධ්‍යක්ෂිකා මධුවන්ති ඒකනායක මහත්මිය විසින් පවත්වන ලද දේශනය පැමිණ සිටි සියල්ලන්ගේම පැසසුමට ලක් විය.
සිල්වර් ස්ක්‍රීන් නිර්මාතෘ සහ සභාපතිනි ආචාර්ය සනෝජා බිබිලේ මෙනෙවියගේ සහ ඇපෙක්ස් අයුරා ආයතනයේ සභාපති ශික්ෂණ ගුණවර්ධන මහතාගේ අධීක්ෂණ මත සිල්වර් ස්ක්‍රීන් සංවිධානයේ ප්‍රධාන සංවිධායක සුභාෂ් අනුරාධ මහතා විසින් නිරෝගා අසපුව සෞඛ්‍ය වැඩමුළුව සංවිධානය කරන ලද අතර ඇපෙක්ස් අයුරා ආයතනයේ සංවිධායක කමිටුවේ කසුනි විමලරත්න මහත්මිය විසින් වැඩසටහන මෙහෙයවන ලදී.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ සිල්වර් ස්ක්‍රීන් නිර්මාතෘ සහ සභාපතිනි සනෝජා බිබිලේ මෙනවිය අප සහෝදර කලාකරුවන්ගේ සෞඛ්‍ය සහ මානසික තත්ත්වය වර්ධනය කිරීමේ අරමුණින් නිරෝගා අසපුව සංවිධානය කළ බවත්, සිල්වර් ස්ක්‍රීන් කමිටුව විසින් සියලුම කලාකරුවන්ගේ අභිවෘද්ධිය සඳහා නිසි වැඩපිළිවෙලක් මේ වන විටත් සංවිධානය කරමින් පවතින බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.
මෙම අවස්ථාව සඳහා සිල්වර් ස්ක්‍රීන් කණ්ඩායමේ නිලධාරීන් සහ විධායක කමිටුවේ සාමාජිකයින් මෙන්ම ආරාධිත නළු නිළි රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.
වැඩමුළුව අවසානයේ දේශීය ඔසුතෙල් සම්භාහනය කිරීමක් සිදු කරන ලදී.