22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මුලතිව් දිස්ත්‍රික්කයේ ක්‍රීඩා හා සංස්කෘතික සංගම්වලට රුපියල් මිලියනයකට අධික වටිනාකමින් උපකරණ බෙදාදීම

උතුරු පළාත් අධ්‍යාපන, ක්‍රීඩා සහ සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ක්‍රීඩා සංගම් සඳහා ක්‍රීඩා භාණ්ඩ හා සංස්කෘතික ආයතන සහ කලා සංගම් සඳහා සංගීත උපකරණ බෙදාදීමේ වැඩසටහනක් මුලතිව් රෝමානු කතෝලික බාලිකා විදුහලේදී පසුගිය දින පැවැත්විණි.
මෙම වැඩසටහන සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ෆැක්ට්‍රික් නිරංජන මහතා ඇතුළු නිලධාරීන් සහ සම්බන්ධ පාර්ශවයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.
මෙහිදී රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුත් ක්‍රීඩා භාණ්ඩ, කායවර්ධන උපකරණ සහ සංගීත උපකරණ බෙදාදීමට කටයුතු කර ඇති අතර, මුලතිව් දිස්ත්‍රික්කය තුළ ක්‍රීඩා සහ සංස්කෘතික සංගම් 22ක් මෙම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබා ගත්තේය.
දිස්ත්‍රික්කයේ යෞවන පරපුරේ ක්‍රීඩා හා සංස්කෘතික හැකියාවන් වර්ධනය කිරීම සහ ග්‍රාමීය මට්ටමේ සංගම් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව මෙහිදී අවධාරණය කෙරිණි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz