22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කටුනායක ගුවන්තොටුපොළේදී විදේශීය සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගු භාරයට

2026 මැයි 29 සහ 30 යන දිනවල කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ග්‍රීන් චැනල් ප්‍රදේශයේදී (Green Channel Arrival) විදේශිකයන් 16 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් 2 දෙනෙකු ඇතුළුව මගීන් 18 දෙනෙකුගේ ගමන් මලු 27ක් පරීක්ෂා කිරීමේදී සඟවා ගෙන එන ලද විදේශීය සිගරට් කාටූන් 1,046ක් (සිගරට් 209,200ක්) ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකා රේගුවේ කටුනායක ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය සහ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, එම භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් මිලියන 31.38ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

අදාළ භාණ්ඩ රාජසන්තක කිරීමට නියෝග කර ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz