22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

චීන – ශ්‍රී ලංකා සම්බන්ධතා ප්‍රවර්ධනය කරමින් වෙළඳ සහ සංස්කෘතික ප්‍රදර්ශනයක් චීනයේදී

මෙරට වෙළෙඳ, ආයෝජන අවස්ථා සහ සංස්කෘතිය පිළිබඳ වූ ප්‍රදර්ශනයක් මාර්තු මාසයේදී චීනයේ ෂියාන් ප්‍රාන්තයේ බඕජී (BAOJI) නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් (23 දා) අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.

සංස්කෘතික ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් ව්‍යවසායකයින් සහ වෙළෙඳුන් 100කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකේය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා වූ ප්‍රදර්ශන කුටි 40කට අධික ස්ථාපිත කරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ වෙළෙඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍ර ද ප්‍රවර්ධනය කිරීමට මෙම ප්‍රදර්ශනය සුවිසල් දායකත්වයක් දක්වන බව එහිදී චීන නියෝජිත කණ්ඩායම සඳහන් කළහ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා ද එක් වූ අතර චීන නියෝජිත කණ්ඩායම නියෝජනය කරමින් Liang Yong, Guo Fan, Li Xiangyang, Li Fei , Zhao Xiquan හා ශ්‍රී ලංකා සංවිධායකවරුන් ලෙස මාතලේ හිටපු උප නගරාධිපති හිල්මි මොහොමඩ්, හර්බි සිල්වා, මොහොමඩ් රෂීබ්, ගනේෂ් මහේන්ද්‍රන් සහ චලන ප්‍රනාන්දු යන පිරිස සහභාගි වූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz