කොළඹ පොළවට කොස් ගස් 1000ක්

ආතර් වීදියස් (කොස් මාමාගේ) 62වන ගුණසැමරුම වෙනුවෙන් කොළඹ නගරය තුල කොස් ගස් 1000ක් සිටුවීමේ ව්‍යාපෘතියක් පසුගියදා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් විහාර මහා දේවි උද්‍යානයේදී ආරම්භ කරන ලදි.
මෙහි සංකේතාත්මක පැළ රෝපණය කොළඹ පන්නරය නිර්මාතෘ සජිත් රණසිංහ මහතාගේ ආරාධනයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමග සිනමා නඵ උදාර රත්නායක, කොළඹ මහ නගර සභාවේ උප නගරාධිපති එම්.ටී.එම්. ඉක්බාල්, ජනාසා පදනමේ සභාපති හුසේන් රෂාඩ්, ටීබීසී පරිසර සංවිධානය නිර්මාතෘ බී.එම්. උවයිස්, ලංකාවේ ලාබාලම සන්නාම තානපතිවරයා මෙත්ම සදාර්ථ ජයසිංහ, අහස මාධ්‍ය කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රියංගා බණ්ඩාරනායක, ජනාසා පදනම නියෝජනය කරමින් දේශබන්ධු දේශශක්ති ආචාර්ය රසාක් හාජි, දේශබන්ධු දේශශක්ති ආචාර්ය ඉස්මයිල් හාජි, දේශබන්ධු දේශශක්ති මහුදුමි ජිප්රි හාජි යන මහත්ම මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරන ලදි.
වසර කිහිපයක සිට පරිසර හිතකාමි විවිධ වැඩ සටහන් සංවිධානය කරන කොළඹ පන්නරය විසින් මෙම වැඩ සටහන සංවිධානය කරන ලදි. එහි නිර්මාතෘ සජිත් රණසිංහ මහතා පවසන්නේ ආහාර අර්බුදයක් ඇති මෙම අවස්ථාවේ මෙමගින් අනාගතයේදී පවුල් දස දහසකගේ කුස ගිනි නිවීමට පිටිවහලක් වන බවයි. මෙම ව්‍යාපෘතිය සදහා දායක වූ ජනාසා පදනම, ජාත්‍යන්තර ටීබීසී පරිසර සංවිධානය, ජේටීවි ආයතනය සහ අහස මාධ්‍ය කණ්ඩායමට සිය කෘතඥතාවය පුද කරන බව සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *