HNB, ‘ගැමි පුබුදුව මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාව’ අතිසාර්ථකව දියත් කරයි

මෙරටප්‍රමුඛතම බැංකුවක් වන HNB, ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින්බලගන්වමින්,විවිධ අභියෝග සාර්ථකව ජය ගැනීමසඳහා ඔවුන් වෙත සහයෝගය ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරයි. එම ක්‍රියාවලිය තවත්ශක්තිමත් කරමින්ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම වෙනුවෙන්නිර්මාණය කළ ‘ගැමි පුබුදුව මූල්‍ය සාක්ෂරතාවැඩසටහන් මාලාවමෙම වසර පුරාදීප ව්‍යාප්තව පැවැත්වීමටHNB කටයුතු කළඅතර,2023 වසර තුළ දී ගැමි පුබුදුව මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් 58ක් අති සාර්ථක ලෙස අවසන් කෙරිණි.‘HNBගැමි පුබුදුව ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමයටසමගාමීව ක්‍රියාත්මක වන සමාජ සත්කාරක ව්‍යාපෘතියක්ලෙස දියත් කෙරුණුමෙමසුවිශේෂී වැඩමුළුමාලව සඳහා දිවයින පුරා ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින්4,000කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ අතර,මෙම ව්‍යාපෘතියසඳහා ශ්‍රී ලංකා මහ බැංකුවසහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM)යන ආයතනවල සහයෝගය හිමි විය.

ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ශක්තීන්සහ දුර්වලතාහඳුනා ගනිමින්,ආර්ථික දියුණුවට සිය හැකියා ප්‍රයෝජනයට ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව මෙන් ම ඉතිරි කිරීම,ඩිජිටල් බැංකුසේවාසහ ඒවානිවැරදිව භාවිත කරන ආකාරය,නව වෙළෙඳපොළ අවස්ථා හඳුනා ගැනීම, මූල්‍ය අවශ්‍යතා පිළිබඳ නිවැරදි ව අවබෝධ කර ගැනීමසහ මූල්‍ය කළමනාකරණය ආදී ක්ෂේත්‍ර ආශ්‍රිත ව පුළුල් දැනුමක් ලබා දීම සිදු කෙරුණි.

HNB හි ක්ෂුද්‍රමූල්‍ය ප්‍රධානී විනෝද් ප්‍රනාන්දු මහතාමෙම වැඩසටහන් මාලාව පිළිබඳව අදහස් දක්වමින්ප්‍රකාශ කළේ,” HNB, අපගේ වටිනා ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින්වෙනුවෙන් විවිධ ප්‍රායෝගික වැඩමුළු ක්‍රියාත්මක කරමින් ඔවුන් ශක්තිමත් කිරීමටකටයුතු කරනවා.ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින්ජාතික ආර්ථිකයශක්තිමත් කිරීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා.එම නිසා ම රටේක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායක අංශයනැංවීම වෙනුවෙන්HNB නිරන්තරයෙන් කැප වන බව කිව යුතු ම යි.යනුවෙනි.

මෙරට ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින්බල ගන්වමින්, ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙන් 1989වර්ෂයේ දී HNB විසින් හඳුන්වා දෙනු ලැබූ ‘ගැමි පුබුදුව’ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමය මඟින් වර්තමානය වන විට ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින්ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් ප්‍රතිලාභ ලබා ඇති අතර,මෙම ණය යෝජනා ක්‍රමය මඟින් වර්තමානය වන විට ලබා දී ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 25කට අධිකවේ.ද ඒෂියන් බෑන්කර් සඟරාව මගින්ශ්‍රී ලංකාවේ විශිෂ්ටතමක්ෂුද්‍ර මූල්‍ය සේවාව ලෙස නම් කරනු ලැබූ ගැමි පුබුදුව ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමය හරහාණය ලබා දීමට අමතරව,ගනුදෙනුකරුවන්තුළ ඉතිරි කිරීමේපුරුද්දවර්ධනය කිරීම,රක්ෂණ ක්‍රම හඳුන්වා දීමහරහා ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිත භාවය වර්ධනය කිරීම,මූල්‍ය සාක්ෂරතාව හා ව්‍යාපාරික දැනුම වර්ධනය කිරීමමෙන් ම ග්‍රාමීය මට්ටමින් පොදු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ආදී වශයෙන් පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට HNB කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *