22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

හැලඹගස් වැව ගම්මානයේ ජනතාව වෙනුවෙන් අත් වැසුම සදහා සුදුසු පවුල් සංඛ්‍යාව තෝරා අභියාචනා ඉදිරිපත් කිරීම

2023.11.16 එනම් අද දින උදෑසන 10 සිට වවුනියා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සිට පැමිණි සංවර්ධන නිලධාරී තුමන් වන ආනන්ද රාජා මහතා විසින් හැලඹගස් වැව ගම්මානයේ ජනතාව වෙනුවෙන් අත් වැසුම සදහා සුදුසු පවුල් සංඛ්‍යාව තෝරා අභියාචනා ඉදිරිපත් කිරීම සදහා රැස්වීමක් හැලඹගස් වැව ගම්මානයේ විහාරස්ථානය තුළ දී සංවිධානය කලේය. මීට මාස කිහිපයකට පෙර අත් වැසුම සදහා පවුල් කිහිපයක් තෝරා ගත් අතර, අත් වැසුම ලැබිය යුතු බොහෝ පිරිසක් තවම ඉතිරිව ඇත. හැලඹගස් වැව ගම්මානය යනු : අලුතින් ජනයා පදිංචි කරවූ ගම්මානයක් බැවින්, හා ඉතා දුෂ්කර පළාතකි. හරි හැටි රැකියාවක් නොමැතිව ජීවත් වන, බොහෝ දුප්පත්, අසරණ ,පවුල් 100කට ආසන්න ජනතාවක් ගම්මානයකි. එහි තෝරා බේරා වෙන්කර, අත් වැසුම ලබා දීමට කසිදු පවුලක් නොමැති තරම් ය. එලෙසින් මා මෙය යොමු කරන්නේ ඉහළ බලධාරීන් වෙත.මෙම ගම්මානයේ ජීවත් වන ජනයා හට ඔබ ශක්තියක් වන්න.මෙම ගම්මානයේ සිටින සියළුම දුගී ජනයා වෙත මෙම අත් වැසුම ලබා දෙන මෙන් ඔබ තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටින මා සුරත මාධ්‍යවේදි වාර්තා කාරිනිය රසිකා මදුශානි හැලඹගස් වැව සිට. ස්තූතියි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz