BYD සමාගම මිලියන 6 වෙනි විදුලි මෝටර් රථය නිෂ්පාදනය කරමින් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

Shenzhen, චීනය – 2023 නොවැම්බර් 30 වන දිනථ ලොව ප‍්‍රමුඛතම නව බලශක්ති වාහන සහ බැටරි නිෂ්පාදකයා වන BYD, Zhengzhou කර්මාන්ත ශාලාවේදී සිය මිලියන 6 වෙනි නව බලශක්ති මෝටර් රථය (New Energy Vehicles/NEV) නිෂ්පාදනය කරමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

මෙවැනි සන්ධිස්ථානයකට ළඟා වූ ලොව පළමු NEV නිෂ්පාදන සමාගම BYD වේ. මෙම සුවිශේෂී ජයග‍්‍රහණය මගින් විදුලි මෝටර් රථ කර්මාන්තය ඉදිරියට ගෙන යාම සඳහා BYD හි නොසැලෙන කැපවීම මැනවින් පෙන්නුම් කරයි.

මාස තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත මිලියන 5 සිට මිලියන 6 වෙනි NEV නිෂ්පාදනය දක්වා BYD හි වේගවත් ප‍්‍රගතිය සමාගමේ නිෂ්පාදනය හා විකුණුම්වල ද නව මානයන් සනිටුහන් කිරීමට සමත්ව තිබේ. BAO 5 ලෙස නම් කර ඇති මෙම සුවිශේෂී රථයල BYD හි විශේෂිත උප සන්නාමය වන FANGCHENGBAO යටතේ නිර්මාණය කර ඇති සුපිරි hybrid SUV මෝටර් රථයක් වේ. පසුගිය දිනකදී මෙම ජයග‍්‍රාහී මොහොතල සමාගමේ සේවකයින් රැසක් සහභාගී වූ විශේෂ උත්සවයකදී සමරන ලදී. 

BYD විසින් මෙම කැපී පෙනෙන සන්ධිස්ථානය අත් කර ගනු ලබන්නේ ඔවුන් මෑතකදී ශ‍්‍රී ලංකාව තුළ පුළුල් පරාසයක උසස්, පරිසර හිතකාමී NEV මාදිලි හඳුන්වා දීමට මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන John Keells Holdings PLC (JKH) සමඟ හවුල්කාරීත්වයක් ඇති කර ගත් පසුබිමක වීම විශේෂත්වයකි.

BYD පිළිබඳව

බැටරි නිෂ්පාදකයෙකු ලෙස 1995 දී ආරම්භ කරන ලද බහුජාතික අධි-තාක්ෂණික සමාගමක් වන BYD, මෝටර් රථ, දුම්රිය ප‍්‍රවාහනය, නව බලශක්තිය සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ආවරණය කරන පුළුල් විවිධාංගීකරණය වූ ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී ඇත. චීනය, එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, බ‍්‍රසීලය, හංගේරියාව සහ ඉන්දියාව ඇතුළුව ලොව පුරා කාර්මික උද්‍යාන 30 කට අධික සංඛ්‍යාවක ක‍්‍රියාත්මක වන BYD තාක්ෂණික නවෝත්පාදනයන් පුද්ගලයින්ගේ ජීවිත වැඩිදියුණු කිරීම උදෙසා භාවිතා කිරීමට කැපවී සිටී. ශුන්‍ය කාබන් විමෝචන බලශක්ති විසඳුම් සඳහා විශේෂිත වූ BYD හි නව බලශක්ති වාහන මහාද්වීප 6 ක, රටවල් 70 කට වැඩි සංඛ්‍යාවක සහ නගර 400 කට වඩා වැඩි සංඛ්‍යාවක ක‍්‍රියාක්මක වේ. ෆෝචූන් ග්ලෝබල් 500 සමාගමක් ලෙස හොංකොං සහ ෂෙන්සෙන් කොටස් වෙළඳපොලවල ලැයිස්තුගත කර ඇති BYD හරිත ලෝකයක් කරා යන ගමනේදී කැපවීමෙන් කටයුතු කරයි. වැඩි විස්තර සඳහා www.bydglobal.com වෙත පිවිසෙන්න.

BYD Auto පිළිබඳව

2003 දී ආරම්භ කරන ලද, BYD Auto යනු බහුජාතික අධි-තාක්ෂණික සමාගමක් වන BYD හි මෝටර් රථ අංශය වන අතර තාක්ෂණික නවෝත්පාදනයන් පුද්ගලයින්ගේ ජීවිත වැඩිදියුණු කිරීම උදෙසා භාවිතා කිරීමට කැපවී සිටී. BYD Auto සම්පුර්ණයෙන්ම විද්‍යුත් සහ plug-in hybrid වාහන නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් පරිසර හිතකාමී ප‍්‍රවාහනය වෙත පරිවර්තනය වීමට ක‍්‍රියා කරයි. බැටරි සහ විදුලි මෝටර වැනි නව බලශක්ති වාහන සඳහා ප‍්‍රධාන තාක්ෂණයන් ප‍්‍රගුණ කරමින් BYD Auto, Blade Battery සහ DM-i Super Hybrid Technology වැනි දියුණු තාක්ෂණ ක‍්‍රම හඳුන්වා දී ඇත. විද්‍යුත් වාහන වෙත මාරුවීමේ පුරෝගාමියා ලෙස BYD Auto, ෆොසිල ඉන්ධන වාහන නිෂ්පාදනය ප‍්‍රථමයෙන් නතර කළ සමාගම වූ අතර අඛණ්ඩව වසර 10 ක් චීනයේ නව බලශක්ති මගී වාහන අලෙවියෙහි ප‍්‍රමුඛ ස්ථානය හිමි කර ගෙන ඇත.

JKH පිළිබඳව

කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත විශාලතම සමාගම් සමූහය වන JKH විවිධ අංශ 7ක් හරහා සමාගම් 70කට අධික සංඛ්‍යාවක් ක‍්‍රියාත්මක කරයි. වසර 150ක ඉතිහාසයකට හිමිකම් කියන JKH හි 15,000කට වැඩි පිරිසක් සේවය කරයි. LMD සඟරාව විසින් වසර 18ක් පුරා ශ‍්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවනීය ආයතනය’ ලෙස JKH ශ්‍රේණිගත කර ඇත. මීට අමතරව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා විසින් ‘Transparency in Corporate Reporting Assessment’  තුළ JKH අඛණ්ඩව වසර තුනක් ප‍්‍රථම ස්ථානය සඳහා ශ්‍රේණිගත කර ඇත. JKH, ලෝක ආර්ථික සංසදයේ සහ UN Global Compact හි සාමාජිකයෙකු ලෙස ගෝලීය මුලපිරීම් සඳහා සක‍්‍රීයව සම්බන්ධ වේ. තවද, සිය ආයතනික සමාජ වගකීම් (CSR) දැක්ම වන “Empowering the Nation for Tomorrow” ජෝන් කීල්ස් පදනම හරහා ක‍්‍රියාත්මක කරනු ලබන අතර ‘Plasticcycle’ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ‍්‍රී ලංකාවේ ප්ලාස්ටික් දුෂණය අවම කිරීමට ද ඔවුන් දායකත්වය ලබා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *