22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ඉදිරි ජනාධිපතිවරනයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් විය යුතු බවට ගාල්ලෙන් යෝජනාවක්. සියලුදෙනාම අත්ඔසවා යෝජනාව සම්මත කරයි.

එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් සම්මේලන මාලාවේ පළමු වැනි සම්මේලනය අද උදෑසන ගාල්ලේදී ආරම්භ වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල සහ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන ගමන් මග පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම සම්මේලන මාලාව මුළු දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට සියලු වැඩකටයුතු සූදානම් කර තිබෙනවා

එසේම ජාතික නායකයෙකු ලෙස 2024 ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් විය යුතු බව මෙම සම්මේලනයේදී යෝජනා වූ අතර එම යෝජනාව පැමිණ සිටි සියලුදෙනාම අත් ඔසවා සම්මත කිරීම විශේෂත්වයක් වුණා.

එජාප උපනායක අකිල විරාජ් කාරියවසම්, එජාප මහලේකම් රංගේ බණ්ඩාර, හිටපු අමාත්‍ය පී. හැරිසන්, ජනාධිපති උපදේශක අශු මාරසිංහ, ජනාධිපති වෘත්තී සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුලු විශාල ජනකායක් මෙම සමුළුව සඳහා සහභාගීව සිටියා.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz